කලාපීය යුද ගැටුම් තවදුරටත් ව්‍යාප්ත කරමින් බහරේනයේ ප්‍රධාන පානීය ජල මූලාශ්‍රය වන මුහුදු ජලය ලවණහරණය කරන (Desalination) යටිතල පහසුකම් පද්ධතියකට ඉරානය විසින් එල්ල කළේ යැයි සැක කෙරෙන ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් අදාළ මධ්‍යස්ථානයට දැඩි හානි සිදුව ඇති බව බහරේන බලධාරීන් අද (08) තහවුරු කළේය.
බහරේනයේ සමස්ත පිරිසිදු ජල සැපයුමෙන් 75%ක්ම රඳා පවතින්නේ මෙම පිරිපහදු මධ්‍යස්ථාන මත බැවින්, මෙම හානිය එරට ජන ජීවිතයට මෙන්ම එහි වසන විදේශිකයන්ට ද සෘජුවම බලපෑම් එල්ල කරන “මානුෂීය තර්ජනයක්” ලෙස ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ මීට පෙර ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ ජල පිරිපහදු මධ්‍යස්ථානවලට හානි සිදු කිරීමට ප්‍රතිචාරයක් ලෙස බව දේශපාලන විචාරකයෝ පවසති. මෙම තත්ත්වයත් සමඟ බහරේනය තුළ දැඩි ජල හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති අතර, අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා රජය හදිසි පියවර ගනිමින් සිටී.














