පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ දිවියන්/කොටියන් සැරිසරන බවට වාර්තා වීමත් සමඟ සිසුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් විශ්වවිද්‍යාල බලධාරීන් විසින් විශේෂ ආරක්ෂක නිවේදනයක් නිකුත් කර තිබේ. උපකුලපති කාර්යාලය මගින් නිකුත් කරන ලද අභ්‍යන්තර චක්‍රලේඛයකට අනුව, මාර්තු 04 වැනිදා පැවැති සරසවි ආරක්ෂක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත්තේ මෑතකදී සරසවි භූමිය තුළ දිවියන් දැකීම සහ ඔවුන්ට සම්බන්ධ සිදුවීම් කිහිපයක් වාර්තා වීම හේතුවෙනි. විශේෂයෙන්ම පශු වෛද්‍ය ශික්ෂණ ගොවිපළේ (Veterinary Teaching Farm) සිටින සතුන්ට දිවියන්ගෙන් ප්‍රහාර එල්ල වී ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.
පවතින අවදානම් තත්ත්වය සලකා බලා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ගමන් කිරීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අලුයම, සන්ධ්‍යා කාලයේ සහ රාත්‍රී කාලයේ තනිව ගමන් කිරීමෙන් වළකින ලෙසත් පාලනාධිකාරිය උපදෙස් දී තිබේ. විශේෂයෙන්ම පශු වෛද්‍ය ගොවිපළ අවට ප්‍රදේශවල ගැවසීමේදී අමතර ප්‍රවේශමකින් කටයුතු කරන ලෙසත්, යම් හෙයකින් දිවියෙකු හෝ කොටියෙකු දුටුවහොත් වහාම විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ වෙත දැනුම් දෙන ලෙසත් සිසුන්ගෙන් සහ සේවක මණ්ඩලයෙන් ඉල්ලා සිටියි.














