ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන අඛණ්ඩ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානයේ අගනුවර වන තෙහෙරානයේ සහ ඒ අවට ප්‍රදේශවල දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වූ ඉන්ධන ගබඩාවලින් කාන්දු වන තෙල්, තෙහෙරාන් නගරයේ භූගත අපජල පද්ධතියට (Sewerage system) මුසු වීමෙන් එම පද්ධතිය පුරා දරුණු ගින්නක් හටගෙන ඇති බව අල් ජසීරා පුවත් සේවය අද (08) පස්වරුවේ වාර්තා කළේය.
ඉරාන රජය නිල වශයෙන් තහවුරු කර ඇති පරිදි, ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ප්‍රධාන ස්ථාන තුනක පිහිටි ඉන්ධන ගබඩා පර්යන්ත සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. තෙහෙරානයට බටහිරින් පිහිටි අල්බෝර්ස් පළාතේ කරාජ් නගරයට ද මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර, භූගත නල මාර්ග ඔස්සේ ගලා යන ගිනිගත් තෙල් හේතුවෙන් නගරයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී තිබේ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඉරාන සහන සේවා කණ්ඩායම් දැඩි උත්සාහයක නිරත වන බව ද වාර්තා වේ.














