මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් හෙට (09) සිට ලබන 15 වැනිදා දක්වා සියලුම ගුවන් ගමන් අවලංගු කිරීමට ඕමාන් එයාර් (Oman Air) ගුවන් සේවය තීරණය කර තිබේ. කලාපීය ගුවන් අවකාශය ආරක්ෂක හේතූන් මත වසා දැමීම මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇති අතර, ඒ අනුව ගල්ෆ් රටවල් වෙත සහ ඉන් පිටතට සිදුකරන මෙහෙයුම් සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ඇත.
මෙම තීරණය විශේෂයෙන්ම ඩුබායි, බහරේන්, දෝහා, කුවේට් සහ බැග්ඩැඩ් යන ගමනාන්තවලට සෘජුවම බලපානු ලබන බව ඕමාන් එයාර් නිවේදනය කරයි. මේ අතර, ඊශ්‍රායල රජය විසින් ඇතැම් ගුවන් මෙහෙයුම් සඳහා සීමිත අනුමැතියක් ලබා දීමත් සමඟ එරට ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන බෙන් ගුරියන් (Ben Gurion) ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් කිහිපයක් නැවත ආරම්භ කර ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.














