වසර 18කට පෙර අම්බලන්ගොඩ ප්‍රදේශයේදී 12 හැවිරිදි පාසල් සිසුවියක අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ මාරකන්දහේවා නලිදු සම්පත් හෙවත් ‘පුංචා’ නමැති විත්තිකරුට බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසින් ඊයේ මරණීය දණ්ඩනය නියම කරන ලදී. 2008 වසරේ දෙසැම්බර් මාසයේදී සිදුවූ මෙම සාහසික අපරාධය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි කිසිවක් නොතිබුණද, අපරාධය සිදුවූ ස්ථානයේ තිබී හමුවූ මඩ තැවරුණු කමිස සාක්කුවක්, බොත්තමක් සහ සෙරෙප්පුවක් විද්‍යාත්මක සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් විත්තිකරු මෙලෙස වරදකරු කරනවසර 18කට පෙර අම්බලන්ගොඩ ප්‍රදේශයේදී 12 හැවිරිදි පාසල් සිසුවියක අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ මාරකන්දහේවා නලිදු සම්පත් හෙවත් ‘පුංචා’ නමැති විත්තිකරුට බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසින් ඊයේ මරණීය දණ්ඩනය නියම කරන ලදී. 2008 වසරේ දෙසැම්බර් මාසයේදී සිදුවූ මෙම සාහසික අපරාධය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි කිසිවක් නොතිබුණද, අපරාධය සිදුවූ ස්ථානයේ තිබී හමුවූ මඩ තැවරුණු කමිස සාක්කුවක්, බොත්තමක් සහ සෙරෙප්පුවක් විද්‍යාත්මක සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් විත්තිකරු මෙලෙස වරදකරු කරන#srilankaු ලැබීය.
අධිකරණ වෛද්‍ය වාර්තා මගින් අනාවරණය වූයේ මොට බලයක් යෙදීමෙන් සිදුවූ හිස්කබල බිඳීයාම සහ මොළය අභ්‍යන්තරයේ සිදුවූ දැඩි රුධිර වහනය මෙම මරණයට හේතු වී ඇති බවයි. මිනීමැරුම් චෝදනාවට අමතරව දැරිය අපහරණය කිරීමේ චෝදනාවටද විත්තිකරු වරදකරු වූ අතර, ඒ සඳහා වසර පහක සිර දඬුවමක් සහ රුපියල් 25,000ක දඩයක්ද නියම විය. විත්තිකරු වයස අවුරුදු 19 දී මෙම අපරාධය සිදුකර ඇති බව නඩු විභාගයේදී වැඩිදුරටත් අනාවරණය විය.
අම්බලන්ගොඩ පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශන සහ රජයේ රස පරීක්ෂක වාර්තා මත පදනම්ව, පරිවේෂණීය සාක්ෂි මගින් විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ජනාධිපතිවරයා නියම කරන දිනයකදී ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා මරා දැමීමට නියෝග කරමින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ සෙනුරි ගුණතිලක මෙනෙවිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.














