රට තුළ පවතින දියර පෙට්‍රෝලියම් වායු (LP Gas) අවශ්‍යතාවය බාධාවකින් තොරව සපුරාලීම සඳහා අද (09) දිනයේදී ද ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. පාරිභෝගිකයින්ට පවතින ඉල්ලුම අනුව කිසිදු හිඟයකින් තොරව ගෑස් ලබාගැනීමට පහසුකම් සැලසීම මෙහි අරමුණයි.
ඒ අනුව දිවයින පුරා පිහිටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රමාණවත් පරිදි ගෑස් තොග යොමු කිරීමට පියවර ගෙන ඇති අතර, ඉදිරි දිනවලදී ද අඛණ්ඩව මෙම සැපයුම් පවත්වාගෙන යන බව සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි. මේ හරහා ගෘහස්ථ සහ වාණිජ යන අංශ දෙකෙහිම ගෑස් අවශ්‍යතාවන් නිසි පරිදි කළමනාකරණය කිරීමට අපේක්ෂිතය.














