ලොව සුප්‍රසිද්ධ පොප් ගායිකා රිහානාට (Rihanna) අයත් බෙවර්ලි හිල්ස් හි පිහිටි නිවස ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව අමෙරිකානු පොලිසිය තහවුරු කරයි. දේශීය වේලාවෙන් ඉරිදා දහවල් 1.15 ට පමණ මෙම වෙඩි තැබීම වාර්තා වී ඇති අතර, වහා ක්‍රියාත්මක වූ ලොස් ඇන්ජලීස් පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී රිහානා සිය නිවසේ රැඳී සිට ඇති නමුත් ඇයට හෝ වෙනත් කිසිවෙකුටත් මෙම අනතුරින් හානියක් සිදුවී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිය සහකරු වන A$AP Rocky සමඟ සිය තුන්වන දරුවා මෙලොවට බිහි කර මාස කිහිපයකට පසු රිහානා මෙවැනි බියකරු අත්දැකීමකට මුහුණ දීම ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානයට ලක්ව ඇත. මෙම වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුගේ අරමුණ මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වේ. සුපිරි තරු ජීවත් වන බෙවර්ලි හිල්ස් වැනි ඉහළ ආරක්ෂිත කලාපයක මෙවැනි සිදුවීමක් වාර්තා වීම හොලිවුඩ් ක්ෂේත්‍රය තුළ ද දැඩි කතාබහක් ඇති කිරීමට සමත්ව තිබේ.














