ප්‍රබල ලීඩ්ස් යුනයිටඩ් (Leeds United) කණ්ඩායම එලන්ඩ් රෝඩ් ක්‍රීඩාංගණයේදී පැවැති එෆ්.ඒ. කුසලාන (FA Cup) පස්වන වටයේ තරගයකින් නොර්විච් සිටි (Norwich City) කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පහසුවෙන් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ලීඩ්ස් කණ්ඩායම මෙලෙස එෆ්.ඒ. කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ 2002-03 තරග වාරයෙන් පසුව ප්‍රථම වතාවට වීම විශේෂත්වයකි.
තරගයේ ෂෝන් ලොන්ග්ස්ටාෆ් (Sean Longstaff) සහ ගේබ්‍රියෙල් ගුඩ්මන්ඩ්සන් (Gabriel Gudmundsson) පළමු අර්ධය තුළ ගෝල ලබා ගනිමින් ලීඩ්ස් කණ්ඩායම පෙරමුණට ගෙන ආ අතර, තරගය නිම වීමට මිනිත්තු පහක් තිබියදී ජොයෙල් පිරෝ (Joel Piroe) ලබාගත් සුපිරි ගෝලයත් සමඟ ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු විය. නොර්විච් කණ්ඩායම දෙවන අර්ධයේදී තරගයට අවතීර්ණ වීමට දැඩි උත්සාහයක නිරත වූවත්, ලීඩ්ස් ආරක්ෂක පෙළ බිඳ දැමීමට ඔවුන්ට නොහැකි විය. පසුගිය සතියේ ලීග් තරගයකදී ලැබූ පරාජයෙන් පසු මානසිකව වැටී සිටි ලීඩ්ස් ක්‍රීඩකයන්ට මෙම ජයග්‍රහණය මහත් ශක්තියක් වූ අතර, පහළ ලීගයක කණ්ඩායමක් හමුවේ පිට පිටම හත්වන වතාවටත් ජයග්‍රහණය කිරීමේ වාර්තාව ද අලුත් කිරීමට ඔවුන් සමත් විය.














