බොරලැස්ගමුව නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “ගමට සතියක්” විශේෂ සංවර්ධන සහ පවිත්‍රතා වැඩසටහන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) උදෑසන නීලම්මහර ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. නගර සභා බල ප්‍රදේශයට අයත් ග්‍රාම සේවා වසම් 18 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් අදාළ වසම්වල අලංකරණ කටයුතු සහ පොදු පහසුකම් පිරිසිදු කිරීම අඛණ්ඩව සිදු කිරීමට නියමිතය.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලක්ෂ්මන් නිපුණආරච්චි මන්ත්‍රීවරයා සඳහන් කළේ පිරිසිදු හා සුන්දර පරිසරයක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බවයි. කැස්බෑව සහ බොරලැස්ගමුව නගර සභා කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ මෙම ආදර්ශමත් වැඩපිළිවෙළ ඉදිරියේදී දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය.
එසේම විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ භාෂා නිපුණතාවය සම්බන්ධයෙන් විපක්ෂය නගන විවේචනවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අමාත්‍යවරයා ලෝක ප්‍රජාව සමඟ ඉතා සාර්ථකව අදහස් හුවමාරු කරමින් රට වෙනුවෙන් උපරිම මෙහෙවරක් ඉටු කරමින් සිටින බවයි. මෙම අවස්ථාවට බොරලැස්ගමුව නගර සභාවේ සභාපති ප්‍රදීප් වෙදමුල්ල මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.














