රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන සංකීර්ණ නීතිමය බාධක ඉවත් කර ජනතාවට කඩිනම් සහන සැලසීම රජයේ ප්‍රමුඛතම කාර්යය බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය. මහනුවරදී පැවැති විශේෂ “නීති සායනයකට” සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණවලින් පසු ඇති වූ මුඩුබිම් පනත් වැනි යල්පැනගිය නීති හේතුවෙන් පාරම්පරික ඉඩම් අයිතිය පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය වී ඇති බවයි. ඇතැම් ඉඩම් නඩු වසර 40-50ක් තිස්සේ ඇදී යන අතර, මුල් පාර්ශ්වකරුවන් පවා ජීවතුන් අතර නොමැති තත්ත්වයක් තුළ මෙම නීතිමය ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට රජය පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














