ගල්කිස්ස ප්‍රදේශයේ සිට හැටන් දක්වා කාලයක සිට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ 58 හැවිරිදි සිව්දරු මවක් හැටන් පොලිස් කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද (09) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
පසුගිය 03 වනදා කොළඹ සිට හැටන් බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 11,850ක් රැගෙන එමින් සිටියදී ඇය කොටු කර ගැනීමට පොලිසිය සමත් විය. වසර තුනක පමණ කාලයක සිට මත්ද්‍රව්‍ය පැකට්ටුවක් රුපියල් 5,000 බැගින් අලෙවි කර ඇති ඇයගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගත් තරුණයන් 11 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.














