කොළඹ කොටස් වෙළඳපොළ (CSE) අද (09) දිනය අවසානයේ ඉතා තියුණු පසුබෑමක් වාර්තා කළ අතර, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 797.77කින් (3.51%) පහළ බැස ඒකක 21,904.14ක් ලෙස සටහන් විය. මෙය මෑත සති කිහිපය තුළ එක් දිනකදී වාර්තා වූ විශාලතම කඩාවැටීමක් ලෙස විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 5.8ක් ලෙස වාර්තා වූ අතර, මිල දර්ශක පහළ යද්දී ගනුදෙනුකරුවන් සිය කොටස් අලෙවි කිරීමට යොමු වීම නිසා වෙළඳපොළේ ඉහළ ක්‍රියාකාරීත්වයක් දක්නට ලැබුණි. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ දේශීයව ප්‍රකාශයට පත් වූ විදුලි සේවක වැඩවර්ජනය වැනි කරුණු ආයෝජක විශ්වාසය පළුදු වීමට හේතු වී ඇති බව පෙනී යයි.














