බස්නාහිර, වයඹ සහ සබරගමුව යන පළාත්වලටත් මොණරාගල දිස්ත්‍රික්කයටත් බලපාන පරිදි හෙට (මාර්තු 10) දිනය සඳහා උණුසුම් කාලගුණික තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් ‘තාප දර්ශකය’ (Heat Index) ඇතැම් ප්‍රදේශවල ‘අවධානය’ (Caution) මට්ටම දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
සාපේක්ෂ ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්වය පදනම් කරගෙන ගණනය කරනු ලබන මෙම තාප දර්ශකය ඉහළ යාම හේතුවෙන් එළිමහනේ වැඩිවේලාවක් රැඳී සිටීම මගින් අධික තෙහෙට්ටුව සහ මාංශ පේශි පෙරළීම (Heat Cramps) වැනි තත්ත්වයන් ඇතිවිය හැක. මේ නිසා ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, දැඩි වෙහෙසකාරී එළිමහන් කටයුතු සීමා කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.














