ඉරානයේ ප්‍රධාන නගර කිහිපයක් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායල ගුවන් හමුදාව අද (09) ප්‍රබල ප්‍රහාර එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඉරාන අගනුවර වන ටෙහෙරාන්, ඉස්ෆාන් (Isfahan) සහ දකුණු ඉරානයේ උපායමාර්ගික ස්ථාන කිහිපයකට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
මෙම යුදමය තත්ත්වය පිළිබඳ නවතම තොරතුරු මෙසේය. ඉරානය විසින් මීට පෙර එල්ල කරන ලද ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලැබීමත් සමඟ ඊශ්‍රායලය මෙම ප්‍රතිප්‍රහාර දියත් කර තිබේ. ඉස්ෆාන් නගරය ඉලක්ක කිරීම විශේෂත්වයක් වන්නේ එහි ඉරානයේ ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ හමුදා කඳවුරු පිහිටා තිබීම හේතුවෙනි.
ප්‍රහාර හමුවේ ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වූ බවත්, ඇතැම් ප්‍රහාරක යානා සහ මිසයිල ව්‍යර්ථ කිරීමට ඔවුන් සමත් වූ බවත් ටෙහෙරාන් පුවත් සේවා වාර්තා කරයි. කෙසේ වෙතත්, මෙම ප්‍රහාර මාලාවත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය තීරණාත්මක මට්ටමකට පැමිණ තිබේ.














