බහරේනයේ සිට ක්‍රියාත්මක වන ඇමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් ඉරානයට එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය අද (09) බහරේනයේ ප්‍රධානතම බැප්කෝ (Bapco) තෙල් පිරිපහදුවට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි මෙම ප්‍රහාරයත් සමඟ පිරිපහදුව තුළ දැවැන්ත ගින්නක් හටගෙන ඇත.
මෙම යුදමය තත්ත්වය පිළිබඳ නවතම තොරතුරු මෙසේය. බහරේනයේ සිට්‍රා දූපතේ පිහිටි හමුදා මධ්‍යස්ථාන භාවිතා කරමින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීම නිසා ඉරානය මෙම ඉලක්කය තෝරාගෙන තිබේ. ප්‍රහාරය හේතුවෙන් බහරේන රාජ්‍ය තෙල් සමාගම සිය මෙහෙයුම් සම්බන්ධයෙන් “බලහත්කාරී තත්ත්වයක්” (Force Majeure) ප්‍රකාශයට පත් කර ඇති අතර සියලුම තෙල් නැව්ගත කිරීම් අත්හිටුවා තිබේ.
පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ප්‍රහාරවලට පිළිතුරු ලෙස ගල්ෆ් කලාපයේ පිහිටි ඇමෙරිකානු වත්කම් ඉලක්ක කරන බව ඉරානය මීට පෙර ප්‍රකාශ කර තිබුණි. පවතින අනතුරුදායක තත්ත්වය හමුවේ ගල්ෆ් කලාපයේ ගුවන් සීමාවන් මේ වන විට වසා දමා ඇති අතර ලෝක වෙළඳපොළට තෙල් සැපයීමේ ක්‍රියාවලිය ද දැඩි ලෙස අඩාල වී ඇත.














