මැදපෙරදිග පවතින දැඩි යුදමය උණුසුම මධ්‍යයේ, ඉරානයේ ආර්ථිකයේ ප්‍රධානතම ජීවනාලිය බඳු වූ කාර්ග් දූපත (Kharg Island) ඉලක්ක කරගනිමින් විශේෂ බලකා මෙහෙයුමක් දියත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම උපායමාර්ගික දූපත පිළිබඳ වැදගත් තොරතුරු මෙසේය. පර්සියානු ගල්ෆ් කලාපයේ උතුරු දෙසින්, ඉරාන ප්‍රධාන ගොඩබිමේ සිට සැතපුම් 15ක් පමණ දුරින් පිහිටි කුඩා කොරල් දූපතකි. ඉරානයේ සමස්ත බොරතෙල් අපනයනයෙන් 90%ක්ම සිදුවන්නේ මෙම දූපත හරහාය. ඉරාන තෙල් නැව් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට පෙර මෙහි නැංගුරම් ලා තෙල් ලබා ගනී.
පෙබරවාරි අග භාගයේදී ඇමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වීමට පෙර, ඉරානය මෙහි තෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 4ක් දක්වා (වාර්තාගත මට්ටමකට) ඉහළ නංවා තිබුණි. මෙම දූපත අල්ලා ගැනීම හෝ එහි මෙහෙයුම් අඩාල කිරීම හරහා ඉරානයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම අඩපණ කිරීම ඇමෙරිකාවේ අරමුණ වී තිබේ. අද (09) දින බහරේනයේ පිහිටි තෙල් පිරිපහදුවකට ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස මෙම මෙහෙයුම ක්‍රියාත්මක වීමේ වැඩි ඉඩකඩක් පවතින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














