ඉරාන ඉලක්ක වෙත ඇමෙරිකාව එල්ල කරන ප්‍රබල ප්‍රහාර මාලාවත් සමඟ ඇති වී තිබෙන ආරක්ෂක තත්ත්වය සලකා බලා, සෞදි අරාබියේ සිටින සියලුම ඇමෙරිකානු පුරවැසියන්ට හැකි ඉක්මනින් එරටින් පිටව යන ලෙස සෞදි අරාබියේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අද (09) හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
මෙම නිවේදනය පිළිබඳ වැදගත් තොරතුරු මෙසේය. ඇමෙරිකාව විසින් ඉරානයට එරෙහිව දියත් කර ඇති ‘එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුම යටතේ ටොමහෝක් මිසයිල සහ ස්ටෙල්ත් යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරමින් පවතින පසුබිමක මෙම තීරණය ගෙන ඇත. රියාද්, ජෙඩා සහ දරාන් යන නගරවලින් වාණිජ ගුවන් ගමන් තවමත් ක්‍රියාත්මක වුවද, විශාල වශයෙන් ගුවන් ගමන් අවලංගු වීම් සහ ප්‍රමාදයන් වාර්තා වේ. ආරක්ෂිත යැයි හැඟේ නම් වහාම එම ගුවන් ගමන් වෙන් කරවා ගන්නා ලෙස තානාපති කාර්යාලය දැනුම් දෙයි.
වාණිජ ගුවන් ගමන්වලට අමතරව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සම්බන්ධීකරණය කරනු ලබන විශේෂ ගුවන් ගමන් සඳහා ලියාපදිංචි වන ලෙස ද සිහිපත් කර තිබේ. පසුගිය මාර්තු 05 වැනිදා රියාද් නගරයේ අහස දුමාරයෙන් වැසී ගිය බවත්, ඇමෙරිකානු පුරවැසියන්ගේ ආරක්ෂාව තමන්ගේ ප්‍රමුඛතම කාර්යය බවත් ට්‍රම්ප් පාලනාධිකාරිය මෙහිදී අවධාරණය කර ඇත.














