රජයේ වත්මන් ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්ගම ආසන බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවක් ඊයේ (09) පස්වරුවේ හික්කඩුව බස් නැවතුම්පළ ඉදිරිපිටදී පැවැත්විණි. “උන්ට හුණ්ඩුව – අපිට රටක්” යන තේමාව පෙරදැරි කරගනිමින් පැවැති මෙම විරෝධතාවයට හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ පාක්ෂිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.
වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙළ හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකට පත්ව ඇති බවත්, රටේ අනාගතය වෙනුවෙන් මෙම ක්‍රියාකලාපය වහා වෙනස් විය යුතු බවත් විරෝධතාකරුවෝ මෙහිදී අවධාරණය කළහ. රජයට එරෙහිව සටන් පාඨ කියමින් සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් හික්කඩුව නගරයේ මඳ වේලාවක් මෙම විරෝධතාව පැවැත්වුණු අතර එමගින් ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයට ද යම් බාධාවක් එල්ල වී තිබුණි.














