ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශය සහ බෙක්ආ (Bekaa) නිම්නය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල යුද ගුවන් යානා එල්ල කළ දරුණු ප්‍රහාර මාලාව හේතුවෙන් පුද්ගල මරණ සංඛ්‍යාව 486 දක්වා ඉහළ ගොස් ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. සිරිෆා, රිහානේ සහ අයින් එල්-ටිනේ ඇතුළු ප්‍රදේශ කිහිපයකට රාත්‍රී කාලයේදීත් ප්‍රහාර එල්ල වී ඇති අතර තුවාල ලැබූවන් සංඛ්‍යාව 1,313ක් දක්වා ඉහළ ගොස් තිබේ. දකුණු ලෙබනනයේ ඛියාම් (Khiam) නගරය ආශ්‍රිතව කාලතුවක්කු ප්‍රහාර සහ වෙඩි තැබීම් සමඟ දරුණු ගැටුම් තවදුරටත් වාර්තා වන අතර බින්ට් ජෙයිල් දිස්ත්‍රික්කයට එල්ල වූ ප්‍රහාරවලින් ද සිවිල් වැසියන් සිවුදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෙබනනයේ ජාතික පුවත් ඒජන්සිය තහවුරු කරයි.














