ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල් 1213 (UL 1213) ගුවන් යානය රෝමය බලා පියාසර කළේ රජයේ අමාත්‍යවරයෙකු මෙරටට ගෙන්වා ගැනීමට බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි. අදාළ අමාත්‍යවරයා මීට දින කිහිපයකට පෙරම මෙරටට පැමිණ ඇති බවත්, මෙම විශේෂ ගුවන් ගමන සැලසුම් කළේ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ගුවන් ගමන් අඩාල වීම නිසා අතරමං වූ මගීන්ට සහ යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට සෘජුව මෙරටට පැමිණීමට පහසුකම් සැලසීමේ අරමුණින් බවත් එම අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කර සිටී.














