දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් මාස තුනකට වැඩි කාලයක් ගතවී ඇතත් පවුල් 1,359කට අයත් පුද්ගලයින් 4,129 දෙනෙකු තවමත් සුරක්ෂා මධ්‍යස්ථාන 49ක රැඳී සිටින බව සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමය අනාවරණය කරයි. ලක්ෂ 24කට අධික ජනතාවක් පීඩාවට පත් කළ මෙම ස්වභාවික ව්‍යසනයෙන් පසු අවතැන් වූවන් යළි පදිංචි කිරීම සඳහා රජය මෙතෙක් විධිමත් වැඩපිළිවෙළක් සකස් කර නොමැති බව එම සංගමයේ සභාපති පාලිත උපුල් කුමාර මහතා පෙන්වා දෙයි. පීඩාවට පත් ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ තාවකාලික කඳවුරුවල රැඳී සිටීම ඔවුන්ගේ දෛනික ජීවිතයට මෙන්ම සෞඛ්‍ය තත්ත්වයට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව වාර්තා වේ.
















