සුපිරි ගායන ශිල්පිනී රිහානාගේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි නිවස ඉලක්ක කර වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළ 35 හැවිරිදි කාන්තාවක් ලොස් ඇන්ජලීස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ඉරිදා දහවල් කාලයේදී සුදු පැහැති ටෙස්ලා රථයකින් පැමිණි මෙම සැකකාරිය AR-15 වර්ගයේ ප්‍රහාරක රයිෆලයකින් රිහානාගේ නිවසේ ප්‍රධාන දොරටුව දෙසට වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ල කර පලා ගොස් ඇති අතර පසුව සිදුකළ මෙහෙයුමකදී ඇයව අත්අඩංගුවට ගැනීමට බලධාරීන් සමත් විය. වෙඩි ප්‍රහාරවලින් නිවසේ ඉදිරිපස දොරටුවට හානි සිදුවී තිබුණද වාසනාවකට මෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකාරියට ඩොලර් මිලියන 10ක දැවැන්ත ඇප මුදලක් නියම කර ඇත. මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී රිහානා හෝ ඇයගේ දරුවන් නිවසේ සිටියේද යන්න මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නොමැති අතර සැකකාරිය මෙම ප්‍රහාරය එල්ල කිරීමට හේතුව සහ ගායිකාව සමඟ ඇයගේ කිසියම් සබඳතාවක් පවතීද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















