විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 131ක (INR 131 Crore) විශේෂ මූල්‍ය ප්‍රදානයක් පිරිනැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) තීරණය කර තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) හිමිවන නිල තෑගි මුදලට අමතරව පිරිනමනු ලබන මෙම දීමනාව, ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා දායක වූ ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, සහයක කාර්ය මණ්ඩලය සහ තේරීම් කමිටු සාමාජිකයින් අතර බෙදා දීමට නියමිතය. මෙවර ලෝක ශූර ඉන්දීය කණ්ඩායමේ අභ්‍යාසකවරයා ලෙස ශ්‍රී ලංකාවේ නුවන් සෙනෙවිරත්න මහතා කටයුතු කිරීම ද විශේෂත්වයක් වන අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ ක්‍රීඩකයින්ගේ කැපවීම අගය කිරීම වෙනුවෙන් මෙම පියවර ගත් බවයි.














