විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක්-ඇන්ඩ්‍රෙ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා ඊයේ (09) පෙරවරුවේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත කාර්යාලයේදී හමු වූහ. මෙහිදී දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගත් අතර විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ තොරතුරු දැනගැනීමේ පනත වැනි කරුණු මාධ්‍ය නිදහස කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව ද සාකච්ඡා විය. මාධ්‍ය ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීම සහ සහයෝගීතාවය මෙහිදී අවධාරණය කෙරිණි.














