රුපියල් තිස් දෙකෝටි පහළොස් ලක්ෂයකට (රුපියල් මිලියන 321.5) අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ (Kush) මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ කැනඩා ජාතික යුවළක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී සැකකටයුතු ලෙස හැසිරුණු මෙම යුවළ පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 32යි ග්‍රෑම් 159ක ප්‍රමාණයක් සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත්ව ඇත. අත්අඩංගුවට ගත් සැකකාර යුවළ සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.














