ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 40,000කට ආසන්න ජනතාවකට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා නව කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ. දැනට පවතින පැරණි ගොඩනැගිල්ලේ ඉඩකඩ සීමිත වීම සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මඟින් පෙන්වා දී ඇති නායයෑමේ අවදානම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.
නව ව්‍යාපෘතිය යටතේ වර්ගඅඩි 25,000ක නව කාර්යාල ගොඩනැගිල්ලක් සහ වර්ගඅඩි 1,600ක ප්‍රාදේශීය ලේකම් නිල නිවසක් ඉදිකිරීමට නියමිතය. 2026 වසරේ ආරම්භ කර 2028 වසරේදී අවසන් කිරීමට සැලසුම් කර ඇති මෙම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.














