කළුතර දුම්රිය පොළ අසල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සැණකෙළියට පැමිණි දෙපිරිසක් අතර පෙරේදා අළුයම ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සිදු වූ පිහි ප්‍රහාරයකින් තුවාල ලැබූ තරුණයෙකු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ ලූලඇලමුල්ල ප්‍රදේශයේ පදිංචි මොහොට්ටියා වත්තගේ ඔසඳ සමාජිත් නැමති අයෙකි. සැණකෙළි භූමියේ සංගීත ප්‍රසංගය පැවැත්වෙමින් තිබියදී නටමින් සිටි පිරිස් දෙකක් අතර ඇති වූ බහින්බස් වීමක් මෙම ගැටුමට හේතු වී ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පලාතොට පදිංචි 25 හැවිරිදි තරුණයෙකු සහ දකුණු කළුතර පදිංචි 18 හැවිරිදි තරුණයෙකු දකුණු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














