පසුගිය සතියේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නයේදී ඇමෙරිකානු ප්‍රහාරයකින් ගිල්වා දැමූ ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Dena’ යුද නෞකාවේ සිටියදී මියගිය නාවිකයන්ගේ සිරුරු ඉදිරි දින කිහිපය තුළ යළි ඉරානයට රැගෙන යන බව එරට රජය නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඉරානයේ ‘ෆාර්ස්’ (Fars) පුවත් ඒජන්සියට අනුව, නෞකාවේ සිටි නාවිකයන් 104 දෙනෙකුගේ සිරුරු අතරින් 84 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇත.
ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව මෙම සිරුරු ඉරානයට මාරු කිරීමේ කටයුතු සිදුකෙරෙන අතර, මීට පෙර වාර්තා වී තිබුණේ ඇමෙරිකානු බලධාරීන් විසින් මෙම සිරුරු ඉරානයට ලබා නොදෙන ලෙස ශ්‍රී ලංකාවට බලපෑම් කර ඇති බවයි. කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍යාංශයේ මැදිහත්වීම මත මෙම කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව අල් ජසීරා (Al Jazeera) පුවත් සේවය වාර්තා කර ඇත.














