ඉරානය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ මුවාවෙන් ඇමෙරිකාව දියත් කරන මැදිහත්වීම් විවේචනය කරමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (10) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීය. ඔහු අවධාරණය කළේ තමන් මෙම යුදමය තත්ත්වයේදී ඉරානය වෙනුවෙන් පෙනී සිටින බවත්, ඇමෙරිකාවට ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය ගැන කැක්කුමක් තිබේ නම් ඉරානයට පෙර උතුරු කොරියාව දෙස බැලිය යුතු බවත්ය.
ඇමෙරිකානු හිතවාදී අරාබි රටවල් බොහොමයක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නොමැති බව පෙන්වා දුන් ගම්මන්පිල මහතා, ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉරානයට පමණක් ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීමට උත්සාහ කරන්නේ ඇයිද යන්න ප්‍රශ්න කළේය. උතුරු කොරියානු නායකයා ද ට්‍රම්ප් පැමිණෙන තෙක් බලා සිටින බව පවසමින් ඔහු උපහාසාත්මකව ප්‍රකාශ කළේ, “ට්‍රම්ප් ජනාධිපතිතුමනි, ඒ පැත්තත් පොඩ්ඩක් බලන්න” යනුවෙනි.














