හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනයට ඉරානය බාධා කළහොත් වොෂින්ටනය විසින් ඉරානයට “විසි ගුණයකින් දරුණු ලෙස” පහර දෙන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ඉරානයෙන් දැඩි ප්‍රතිචාරයක් එල්ල වී තිබේ. ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි සඳහන් කර ඇත්තේ ට්‍රම්ප්ගේ මෙවැනි හිස් තර්ජනවලට ඉරාන ජනතාව කිසිසේත්ම බිය නොවන බවයි.
ට්විටර් (X) පණිවුඩයක් නිකුත් කරමින් ලරිජානි වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ අතීතයේදී ට්‍රම්ප්ට වඩා බලවත් පුද්ගලයින් පවා ඉරානය විනාශ කිරීමට උත්සාහ කර අසාර්ථක වූ බවයි. එබැවින් මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමේදී වඩාත් ප්‍රවේශම් වන ලෙසත්, ඇතැම් විට මෙම ගැටුම් හමුවේ විනාශයට පත්වන්නේ ට්‍රම්ප් විසින්ම විය හැකි බවත් ඔහු අනතුරු ඇඟවීමක් කර තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින මෙම උණුසුම් වාතාවරණය හේතුවෙන් ගෝලීය තෙල් මිල කෙරෙහි ද දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින පසුබිමක මෙම ප්‍රකාශය නිකුත් වීම විශේෂත්වයකි.














