දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේදී වැසි සහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණයක් පැවතියද, බස්නාහිර සහ මධ්‍යම ඇතුළු පළාත් කිහිපයක අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන සහ බලශක්ති අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස රජය කළ ඉල්ලීම මධ්‍යයේ, මෙම කාලගුණික වෙනස්වීම් පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත් වේ.














