මැදපෙරදිග යුද ඉතිහාසයේ තමන් එල්ල කළ “දරුණුතම සහ විශාලතම” මෙහෙයුම අද (11) අලුයම දියත් කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය කර තිබේ. ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන අන්දමට, මෙම ප්‍රහාරය සඳහා ‘ඛෝරම්ෂහාර්’ (Khorramshahr) වර්ගයේ දිගු දුර විහිදෙන බැලස්ටික් මිසයිල ඇතුළු ප්‍රබල අවි ආයුධ රැසක් භාවිතා කර ඇත. කලාපයේ පවතින අමෙරිකානු ඉලක්ක සහ ඊශ්‍රායලය වෙත එල්ල වූ මෙම ප්‍රහාර මාලාව, සතුරා සම්පූර්ණයෙන්ම යටත් වන තුරු අඛණ්ඩව පවත්වාගෙන යන බව ඉරානය අවධාරණය කරයි.
මෙම ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර ඇත්තේ, සතුරා තීරණාත්මක ලෙස පරාජය කරන තෙක් අමෙරිකාව සිය මෙහෙයුම් නතර නොකරන බවයි. ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ අද උදෑසන මධ්‍යම ඊශ්‍රායලය පුරා අනතුරු ඇඟවීමේ සිරේන් නාද නිකුත් වූ අතර, මේ දක්වා කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ තහවුරු කරයි. ගල්ෆ් කලාපයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර සහ අමෙරිකානු සෙබළුන් තුවාල ලැබීමේ පුවත් මධ්‍යයේ ඉරානය දියත් කළ මෙම නවතම “අති දැවැන්ත” මෙහෙයුම ලෝක දේශපාලනය තවදුරටත් උණුසුම් කර තිබේ.














