ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලංකා ගරු කොන්සල් තනතුර සඳහා පත්කළ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන නලින් පෙරේරා මහතා පිළිගැනීමේ විශේෂ උත්සවයක් පසුගිය 06 වැනිදා බ්‍රිස්බේන් නුවර ජින්ඩෙල් බෝල් ශාලාවේදී පැවැත්විණි. ක්වීන්ස්ලන්ත ශ්‍රී ලංකා ස්වෙච්ඡා සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට බ්‍රිස්බේන් නගර සභිකයන් වන චාල්ස් ට්‍රන්ක් සහ සාරා හුටන් ඇතුළු විශාල ශ්‍රී ලාංකික ප්‍රජාවක් සහභාගී වූහ.
නව කොන්සල්වරයා සඳහන් කළේ සිය තනතුර හුදෙක් ලේඛන සහතික කිරීමට පමණක් සීමා නොවී, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය, වෙළෙඳ භාණ්ඩ ප්‍රවර්ධනය සහ සංස්කෘතික සබඳතා දියුණු කිරීම දක්වා පුළුල් කර ඇති බවයි. දීර්ඝ කාලයක් පුරප්පාඩුව පැවති මෙම තනතුරට සුදුසු පුද්ගලයකු පත් කිරීම පිළිබඳව ක්වීන්ස්ලන්තයේ වසන ශ්‍රී ලාංකිකයන් සිය ප්‍රසාදය පළ කළ අතර, දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සහ මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම තම පරම වගකීමක් බව නලින් පෙරේරා මහතා මෙහිදී අවධාරණය කළේය. මෙම පත්වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ වසන ශ්‍රී ලාංකිකයන්ට සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට මෙන්ම දෙරට අතර ව්‍යාපාරික සබඳතා ගොඩනැඟීමට නව මාවතක් විවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














