මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය නොසන්සුන්තාව මධ්‍යයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) ආසන්න මුහුදු තීරයේ ගමන් කරමින් තිබූ බහාලුම් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරය එල්ල කළේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ඉරාන නෞකා 16ක් අමෙරිකාව විසින් විනාශ කිරීමෙන් පසු මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයකි.
මේ අතර, ඉරානය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව දියත් කරන ප්‍රහාරවලින් ඉරානයේ ස්ථාන 10,000කට ආසන්න සංඛ්‍යාවකට බෝම්බ හෙළා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම දරුණු ප්‍රහාර හමුවේ මේ වන විට ඉරාන සිවිල් වැසියන් 1,300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ. මෙයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් ද බහරේනය, ඉරාකය, කුවේට්, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය යන රටවල් ඉලක්ක කර ගනිමින් මහා පරිමාණ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.















