එලොන් මස්ක්ගේ X (පෙර ට්විටර්) සමාජ මාධ්‍ය ජාලයට අනුබද්ධිත ග්‍රොක් (Grok) කෘතිම බුද්ධි චැට්බොට් (AI Chatbot) පද්ධතියේ හදිසි බිඳ වැටීමක් ඊයේ (මාර්තු 10) වාර්තා විය. ඩවුන්ඩිටෙක්ටර් (Downdetector) වෙබ් අඩවියට අනුව පරිශීලකයින් සිය ගණනක් මෙම ගැටලුව පිළිබඳව පැමිණිලි කර ඇති අතර, ග්‍රොක් පද්ධතිය ප්‍රතිචාර නොදක්වන බවත් ස්වයංක්‍රීයව පද්ධතියෙන් ඉවත් වන (Logged out) බවත් ඔවුන් පෙන්වා දී තිබේ. පද්ධතියට ඇති අධික ඉල්ලුම (High demand) හේතුවෙන් මෙම බාධාව සිදුව ඇති බවට ඇතැම් පරිශීලකයින්ට නිවේදනයක් දර්ශනය වී ඇති බව ද වාර්තා වේ.
මෙම බිඳ වැටීමත් සමඟ බොහෝ දෙනෙකු එලොන් මස්ක් ටැග් කරමින් සිය විරෝධය පළ කර ඇති අතර, එක් පරිශීලකයෙකු සඳහන් කර තිබුණේ තමා පරීක්ෂණයක් (Test) ආරම්භ කිරීමට සූදානම් වන මොහොතේම මෙලෙස පද්ධතිය අක්‍රිය වූ බවයි. ග්‍රොක් පද්ධතිය නැවත යථා තත්ත්වයට පත්වන කාලය පිළිබඳව එලොන් මස්ක් හෝ xAI ආයතනය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වීම පරිශීලකයින්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත. කෙසේ වෙතත්, තාක්ෂණික කණ්ඩායම් විසින් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ඉදිරි පැය කිහිපය තුළ එය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














