අමෙරිකාවේ බැල්ටිමෝර් (Baltimore) නගරයේ සිනගෝගයක් (Synagogue) අසල ඊයේ (අඟහරුවාදා) දහවල් සිදුවූ වෙඩි හුවමාරුවකදී පොලිස් නිලධාරියෙකු සහ සැකකරුවෙකු වෙඩි ප්‍රහාරවලට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බැල්ටිමෝර්හි පාර්ක් හයිට්ස් මාවතේ (Park Heights Avenue), අගුඩත් ඊශ්‍රායල් සිනගෝගය ආසන්නයේ දහවල් 12:30ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී තිබේ. වෙඩි ප්‍රහාරයට ලක්වූ පොලිස් නිලධාරියා වහාම කම්පන සහගත තුවාල පිළිබඳ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් (Shock Trauma) වෙත ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය ස්ථාවර බව වාර්තා වේ.
පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරවලින් වෙඩි වැදුණු සැකකරුගේ වත්මන් තත්ත්වය මෙතෙක් අනාවරණය කර නොමැත. ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී එම ප්‍රදේශයේ දැඩි කලබලකාරී තත්ත්වයක් හටගත් අතර ආරක්ෂක අංශ විසින් වහාම ප්‍රදේශය වටලා මෙහෙයුම් ආරම්භ කළේය. මෙම වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුගේ අරමුණ කුමක්ද යන්න පිළිබඳව බැල්ටිමෝර් පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ආගමික ස්ථානයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය සැලසුම් කළේ ද යන්න පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.














