බටහිර ආසියානු කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය දෙවන සතියටත් පිවිසෙද්දී, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය වෙත සිය දැඩිම අනතුරු ඇඟවීම සිදු කර තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ගෝලීය තෙල් සැපයුමට බාධා කිරීමට ඉරානය උත්සාහ කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව “20 ගුණයක ප්‍රබල” (20 times harder) ප්‍රහාරයක් එල්ල කරන බව ට්‍රම්ප් ප්‍රකාශ කළේය. මෙම ගැටුම කෙටි කාලීන මෙහෙයුමක් (Short-term excursion) වනු ඇති බවට ඔහු විශ්වාසය පළ කරන අතරතුර, ඉරානය ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මෙය එක්කෝ “සාමයේ සමුද්‍ර සන්ධියක්” හෝ “දුක්ඛිත සමුද්‍ර සන්ධියක්” වනු ඇති බවයි.
මේ අතර ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා වැදගත් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තම රට “නිමක් නැති යුද්ධයක්” (Endless war) අපේක්ෂා නොකරන බවයි. කෙසේ වෙතත්, ඊශ්‍රායලය විසින් ඉරානයට සහ ලෙබනනයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන අතර, ඉරානය ද ඊට ප්‍රතිචාර වශයෙන් ගල්ෆ් කලාපයේ රටවල් ඉලක්ක කර ප්‍රහාර දියත් කරමින් සිටියි. සීඑන්එන් (CNN) වාර්තාවලට අනුව, මෙම ගැටුම් හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 1,200 ඉක්මවා ඇති අතර ලෙබනනයේ පුද්ගලයින් 486 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.













