සසෙක්ස් හි ආදිපාදවරිය වන මේගන් මාර්කල් ලබන අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තෙදින කාන්තා විවේක සතිඅන්ත වැඩසටහනකට (Women-only retreat) සහභාගී වීමට නියමිතය. මෙහි එක් ටිකට් පතක අවම මිල පවුම් 1,400ක් (රුපියල් 535,000කට අධික) වන අතර, VIP ටිකට් පතක් පවුම් 1,700ක් (රුපියල් 650,000කට අධික) පමණ වේ.
කාන්තා සවිබල ගැන්වීම සහ විවේකය: “Her Best Life” පොඩ්කාස්ට් වැඩසටහන මගින් සංවිධානය කරන මෙම අවස්ථාවට කාන්තාවන් 300 දෙනෙකුට පමණක් සහභාගී විය හැකිය. සිඩ්නි හි කුජී වෙරළ තීරයේ (Coogee Beach) තරු පහේ හෝටලයක පැවැත්වෙන මෙහිදී යෝගා, භාවනා, මනෝවිද්‍යාත්මක උපදේශන සහ මේගන් සමඟ පවත්වන විශේෂ සුහද කතාබහක් (Fireside chat) ඇතුළත් වේ.
සත් වසරකට පසු නැවතත් ඔස්ට්‍රේලියාවට: 2018 වසරේදී හැරී කුමරු සහ මේගන් රාජකීය නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණි අතර, වසර හතකට පසු ඔවුන් නැවතත් එහි යන්නේ පෞද්ගලික සහ ව්‍යාපාරික කටයුතු කිහිපයක් සඳහාය. 2018 සංචාරයේදී මේගන් ගැබිනියක බව නිල වශයෙන් නිවේදනය කෙරුණු අතර එවර ඔවුන්ට දැවැන්ත මහජන ප්‍රසාදයක් හිමි විය.
ව්‍යාපාරික පසුබිම: මේගන්ගේ ජීවන රටා වෙළඳ නාමය (As Ever) සහ නෙට්ෆ්ලික්ස් (Netflix) ආයතනය අතර පැවැති ගිවිසුම මෑතකදී අවසන් වීමත් සමඟ ඇයගේ නව ව්‍යාපාරික ප්‍රවේශයන් පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය අවධානය යොමු වී තිබේ. මෙම වැඩසටහන සංවිධානය කරන ජෙමා ඕනීල් පවසන්නේ මේගන් කාන්තාවන්ට ශක්තියක් වීම වෙනුවෙන් මෙම ආරාධනය පිළිගත් බවයි.
සසෙක්ස් යුවළගේ මෙම සංචාරය පුණ්‍ය කටයුතු සහ ව්‍යාපාරික හමුවීම් කිහිපයකින් සමන්විත වන බව ඔවුන්ගේ ප්‍රකාශකයෙකු තහවුරු කර තිබේ.














