විදුලි වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා විදුලි බිඳවැටීම් 15,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබේ. විදුලිබල මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීමත් සමඟ සේවකයින්ගේ ඉදිරි පත්වීම් සහ ඔවුන් අනුයුක්ත කරන ආයතන පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් නොමැති වීමට එරෙහිව වෘත්තිය සමිති 24ක් එක්ව මෙම වර්ජනය ආරම්භ කර ඇත.
නව සමාගම් හතරේ සභාපතිවරුන් සමඟ ඊයේ (10) පැවැති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීම හේතුවෙන්, පෙරේදා ආරම්භ කළ සංකේත වර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට වෘත්තිය සමිති තීරණය කර තිබේ. මේ හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ද අඩාල වී ඇති බව වාර්තා වේ.














