කලාපයේ අරාබි රටවල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කරන ප්‍රහාර හෙළා දකිමින් බහරේනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සම්මතයක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (11) දිනයේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිත බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
මෙම යෝජනාව මගින් ඉරානය විසින් බහරේනය, කුවේටය, ඕමානය, කටාර් රාජ්‍යය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජෝර්දානය යන රටවලට එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙස බල කර සිටියි. එමෙන්ම, කලාපීය අස්ථාවරත්වය ඇති කිරීම සඳහා ඉරානය විසින් විවිධ සන්නද්ධ කණ්ඩායම් (Proxy groups) මෙහෙයවීම ද වහාම නතර කළ යුතු බව මෙම කෙටුම්පත මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ. මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වය හමුවේ මෙම ඡන්ද විමසීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව ඇති බව අල්ජසීරා පුවත් සේවය පවසයි.














