පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජයන්ති වැව සිට යාය 12 ගම්මානය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු රුපියල් මිලියන 103.2ක පිරිවැයකින් පසුගියදා ආරම්භ කෙරුණා. “පුනරුදයට මග” ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක මෙම සංවර්ධන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මීට අමතරව හිඟුරක්ගොඩ කවුඩුල්ල මහා විද්‍යාලයේ රුපියල් ලක්ෂ 208ක වියදමින් ඉදිකෙරුණු නව තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීම ද නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. මෙමඟින් එම විද්‍යාලයේ සිසුන් දහසකට ආසන්න පිරිසකට පහසුකම් සැලසෙන අතර කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.














