පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටියදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මධුෂ්ගේ සහෝදරයෙකු විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත කරන ලද ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා විසින් මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇත.
2020 වසරේ ඔක්තෝබර් 20 වැනිදා මාලිගාවත්ත ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සොයා සිදු කළ මෙහෙයුමක් අතරතුර නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මධුෂ්ව ඝාතනය කරන ලදී. ඒ අනුව සිද්ධිය වූ දින ඔහුව එම ස්ථානයට රැගෙන ගිය නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමටත්, අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් කරුණු විමසීමටත් නියමිතය. මීට අමතරව අදාළ ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන සතු දර්ශන ලබා ගැනීමට ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග ලබාගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.














