ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් තැපෑල (Email) භාවිතයේදී අතිශයින් ප්‍රවේශම් විය යුතු බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙයි. නොදන්නා පාර්ශවයන්ගෙන් ලැබෙන පණිවිඩ හෝ සබැඳි (Links) විවෘත කිරීමෙන් වළකින ලෙස තානාපති නිමල් බණ්ඩාර මහතා මෙරට ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියි.
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ සන්නිවේදන පද්ධති ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාර එල්ල වීමේ දැඩි අවදානමක් පවතින බව ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් තහවුරු කර තිබේ. ඊශ්‍රායලය, ඉරානය සහ ඇමෙරිකානු හමුදා සම්බන්ධ වී ඇති මෙම ගැටුම්කාරී තත්ත්වය හමුවේ මිසයිල ප්‍රහාර සහ සයිරන් නාද වීම් දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, ආරක්ෂක උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙසත් තානාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














