ඕමානයේ සේවය කරන විශාල විදේශීය ශ්‍රමික පිරිසගේ මූල්‍ය සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින් 2027 වසරේ සිට අනිවාර්ය ඉතිරි කිරීමේ ක්‍රමවේදයක් (Mandatory savings scheme) හඳුන්වා දීමට එරට රජය තීරණය කර තිබේ. ඕමාන සමාජ ආරක්ෂණ අරමුදල (Social Protection Fund) විසින් මෙම නව ප්‍රතිසංස්කරණ නිවේදනය කර ඇත.
ඉතිරි කිරීමේ ප්‍රතිශතය: මෙම වැඩපිළිවෙළ යටතේ සේවා යෝජකයන් විසින් විදේශීය සේවකයෙකුගේ මූලික වැටුපෙන් 9%ක ප්‍රමාණයක් මෙම ව්‍යුහාත්මක ඉතිරි කිරීමේ වැඩසටහන සඳහා වෙන් කළ යුතුය.
මුදල් ලබා ගැනීම: මෙලෙස රැස්වන අරමුදල් අදාළ සේවකයා ඕමානයේ සිය සේවා කාලය අවසන් කර මෙරටින් පිටව යන අවස්ථාවේදී ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.
සේවා නියුක්ති පාරිතෝෂිකය (Gratuity): මෙම නව ක්‍රමය දැනට පවතින සාම්ප්‍රදායික සේවා පාරිතෝෂික දීමනාව වෙනුවට හෝ එයට අතිරේකව ක්‍රියාත්මක වනු ඇත. එමගින් සේවක මූල්‍ය හිමිකම් සම්බන්ධයෙන් වඩාත් විනිවිදභාවයකින් යුත් නියාමන රාමුවක් ගොඩනැගීමට අපේක්ෂිතය.
ක්‍රියාත්මක වන කාලසීමාව: සමාජ ආරක්ෂණ අරමුදලේ නියෝජ්‍ය විධායක සභාපති ෂබෙබ් අල් බුසයිඩි මහතා පවසන පරිදි මෙම ප්‍රතිසංස්කරණ 2026 සහ 2028 වසර අතර කාලය තුළ අදියර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙමගින් විදේශීය සේවකයින්ට තමන් සේවය කරන කාලය තුළ ක්‍රමවත් ලෙස ඉතිරි කිරීමක් සිදු කිරීමටත් සිය මව් රටවල් බලා යන විට ශක්තිමත් මූල්‍ය පදනමක් සහිතව යාමටත් අවස්ථාව සැලසේ.














