හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයෙකුගේ බැංකු කාඩ්පතක් භාවිතා කරමින් රුපියල් ලක්ෂ 6කට අධික මුදලක් වංචනික ලෙස ලබාගත් කොස්ගොඩ පොලිසියේ කොස්තාපල්වරයෙකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විමර්ශනවලදී හෙළි වී ඇත්තේ සැකකාර කොස්තාපල්වරයා එම මුදලින් අලුතින් යතුරුපැදියක් මිලදී ගෙන ඇති බවත්, සුපිරි වෙළඳසැල් හරහා විවිධ භාණ්ඩ මිලදී ගෙන ඇති බවත්ය. මෙම දූෂණ ක්‍රියාව සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














