පෑලියගොඩ මැනිං වෙළෙඳපොළෙන් ඉවතලන මසුන් යොදාගෙන සිදුකරන පොහොර නිෂ්පාදන ක්‍රියාවලියක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට සිදුවන පීඩාව සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. පෑලියගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අවට පදිංචිකරුවන් ඉදිරිපත් කළ පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුවය.
අදාළ පෞද්ගලික ආයතනය පවසන්නේ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) මගින් නිකුත් කළ වාර්තාවලට අනුව එම ගන්ධය නිර්දේශිත සීමාවන් තුළ පවතින බවයි. කෙසේ වෙතත්, එම ආයතනය ඉදිරිපත් කරන වාර්තා ඇතුළු සියලු කරුණු නැවත විමර්ශනය කර ජුනි මස 03 වැනිදා අධිකරණයට පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම් දුන්නේය.














