අබුඩාබි රේගු දෙපාර්තමේන්තුව හෝ නිල ප්‍රවාහන සමාගම් නියෝජනය කරන බව පවසමින් SMS සහ iMessage හරහා සංසරණය වන ව්‍යාජ කෙටි පණිවිඩ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස එම ආයතනය මහජනතාවට දැනුම් දී තිබේ. මෙවැනි පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීමෙන් හෝ ඒවායේ අඩංගු සබැඳි (Links) විවෘත කිරීමෙන් වළකින ලෙස රේගු බලධාරීන් අවධාරණය කරන්නේ, එමගින් ඔබගේ සංවේදී පෞද්ගලික දත්ත සහ තොරතුරු සොරකම් කිරීමට ඉඩ ඇති බැවිනි.
මෙම වංචනික පණිවිඩ බොහෝ විට භාණ්ඩ තොගයක් පැමිණ ඇති බව පවසමින් හෝ පෞද්ගලික තොරතුරු යාවත්කාලීන කරන ලෙස ඉල්ලා එවනු ලබන අතර, විශ්වාසය දිනා ගැනීම සඳහා නිල ආයතනවලට සමාන දුරකථන අංක හෝ නම් භාවිතා කිරීමට ද වංචාකරුවන් පෙළඹී ඇත. කිසිදු නොදන්නා පාර්ශවයක් සමඟ පෞද්ගලික තොරතුරු හුවමාරු කර නොගන්නා ලෙසත්, සේවාවන් සහ තොරතුරු ලබා ගැනීමට රේගු දෙපාර්තමේන්තුවේ නිල නාලිකා පමණක් භාවිතා කරන ලෙසත් අබුඩාබි රේගුව වැඩිදුරටත් උපදෙස් දෙයි.














