කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (11) දිනය අවසානයේ ඒකක 26.97 කින් පහත වැටුණු අතර එය සියයට 0.12 ක සුළු අඩුවීමකි. ඒ අනුව දිනය අවසානයේ දර්ශක අගය ඒකක 22,351.55 ක් ලෙස සටහන් වූ අතර, වෙළෙඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.3 ක් ලෙස වාර්තා විය. මෑත කාලීනව වෙළෙඳපොළේ පවතින උච්චාවචනයන් හමුවේ වුවද, බිලියන 4 සීමාව ඉක්මවා පිරිවැටුමක් වාර්තා වීම හරහා ආයෝජකයන් තවදුරටත් වෙළෙඳපොළ කෙරෙහි සක්‍රීයව දායක වන බව පෙන්නුම් කරන බව මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති














