ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ පීලිබිට් ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි විනීතා ශුක්ලා නමැති කාන්තාවකගේ ජීවිතය, ඇය රැගත් ගිලන් රථය මහා මාර්ගයේ තිබූ වළක වැදී ගැස්සීමත් සමඟ නැවතත් ආශ්චර්යමත් ලෙස ආරම්භ වී තිබේ. මොළයේ ක්‍රියාකාරීත්වය නතර වී ඇති බවත් (Brain-dead), ඇය ජීවත් වීමට ඇති ඉඩකඩ ඉතා අවම බවත් පවසමින් බරේලිහි රෝහලකින් ඇයව නිවසට රැගෙන යාම සඳහා මුදාහැර තිබුණි.
පසුගිය පෙබරවාරි 24 වනදා ඇගේ ස්වාමිපුරුෂයා විසින් ඇයව ගිලන් රථයකින් නිවස බලා රැගෙන යමින් සිටියදී, බරේලි-හරිද්වාර් ජාතික මහා මාර්ගයේ (NH-74) තිබූ වළක ගිලන් රථය වැදී ඇත. එම අවස්ථාවේ සිදු වූ දැඩි ගැස්සීමත් සමඟ, මියගිය බවට පවුලේ උදවිය අවසන් කටයුතු පවා සූදානම් කරමින් සිටි විනීතා නැවතත් හුස්ම ගැනීමට පටන්ගෙන තිබේ.
වෛද්‍යවරුන් විසින් බලාපොරොත්තු අත්හැර දමා තිබූ මොහොතක, මාර්ගයක තිබූ වළක් හේතුවෙන් ජීවිතයක් බේරුණු මෙම අසාමාන්‍ය සිදුවීම මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල පවා දැඩි අවධානයට ලක්ව ඇත.














