ප්‍රකට දකුණු කොරියානු ගායකයෙකු සහ නළුවෙකු වන NCT සහ NCT 127 කණ්ඩායම්වල සාමාජික ජෙහ්යුන්, සෝල් නුවර වඩාත් ප්‍රභූ නේවාසික ප්‍රදේශයකින් ඩොලර් මිලියන 3.3ක් (වොන් බිලියන 4.9ක්) පමණ වටිනා සුඛෝපභෝගී නිවසක් මිලදී ගෙන ඇති බව වාර්තා වේ. සෝල් නුවර ගංනම් දිස්ත්‍රික්කයේ පිහිටි චොන්ග්ඩම්-ඩොන්ග් (Cheongdam-dong) නම් වූ මෙම ප්‍රදේශය ප්‍රකෝටිපතියන්, ව්‍යාපාරික නායකයින් සහ ජනප්‍රිය කලාකරුවන්ගේ නිවහනක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත්තකි.
කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ජෙහ්යුන් මෙම දේපළ කිසිදු ණයක් ලබා නොගෙන සම්පූර්ණ මුදල් ගෙවා (Outright) මිලදී ගෙන ඇති බවයි. මෙම පුවතත් සමඟ ඔහුගේ රසිකයින් හාස්‍යජනක ලෙස අදහස් දක්වමින් පවසා සිටින්නේ තමන් විසින් මිලදී ගත් මියුසික් ඇල්බමවල මුදලින් මෙම නිවසේ “අඩුම තරමේ එක ගඩොලක් හෝ මිලදී ගැනීමට” දායක වන්නට ඇති බවයි.
ජෙහ්යුන්ගේ මෙම නව නිවස පිහිටි ප්‍රදේශය ඉහළ පෞද්ගලිකත්වයක් සහ සුඛෝපභෝගී ජීවන රටාවක් සඳහා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලයි. වර්තමානය වන විට K-pop තරු ජාත්‍යන්තර වශයෙන් අත්කරගෙන ඇති දැවැන්ත ආර්ථික සාර්ථකත්වය මෙම මිලදී ගැනීම හරහා නැවත වරක් තහවුරු වන බව විචාරකයෝ පවසති.














